තොරතුරු ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය බාගත කර ගැනීම සදහා මෙහි ක්ලික් කරන්න
තොරතුරු දැන ගැනීමේ පනත බාගත කර ගැනීම සදහා මෙහි ක්ලික් කරන්න.
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නනම්කල නිලධාරියා - කේ.ඩී.ඒ.කැරැව්ගොඩ මිය,
ප්‍රාදේශීය ලේකම්
දුරකථන අංකය - 037-2253381
ෆැක්ස් - 037-2253381
ඊ මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොරතුරු නිලධාරියා - ආර්.කේ.එච්.එම්.දිල්හාරී මිය
සහකාර ප්‍රාදේශීය ලේකම්
දුරකථන අංකය - 0372253381
ෆැක්ස් - 0372253381
ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය.
තොරතුරු ලබා නොදෙන අවස්ථා -
1. පුද්ගලික තොරතුරු
2. තෙවන පාර්ශවයක් විසින් ලබාදුන් තොරතුරු
3. රාජ්‍ය රහස්වලට සම්බන්ධ තොරතුරු
ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 02කි. මෙහි සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල් ඒකක 2609 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 261ක් දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.
ඒ අනුව අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 895588.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන් 05ක්ද,ධීවර වැඩසටහන් 01ක්,සත්ව පාලන වැඩසටහන් 06ක්,කර්මාන්ත වැඩසටහන් 16ක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.
මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් පවුල් 01ක් සදහා ජංගම කරත්ත 01ක් ලබා දීමට නියමිතය. මීට අමතරව සිල්ලර වෙළදාම ,ජංගම වෙළදාම සහ බිම්මල් වගාව සධහා ගෘහස්ථ ගබඩා 03 ක්ලබා දිමට අලෙවි වැඩ සටහන් යටතේ ප්‍රතිලාභින් 13 කට 181000.00 ක් මුදලක් වෙන් කර ඇත.
එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් සංවිධානය කර ඇත.මීට අමතරව සමාජ සංවර්ධන වැඩ සටහන් යටතේ කොඩි අරමුදල් වලින් වසම් මට්ටමින් විවිධ වැඩ සටහන් පැවැැත්විමට යෝජනා ලැබි ඇත.එමෙන්ම දිරිය පියස නිවාස වැඩ සටහන් යටතේ නිවාස 02 ක් ඉදිකිරිමට රු.300000.00 ක මුදලක් ලැබි ඇති අතර හරිත දයාද වැඩ සටහන යටතේ ගර්භණි මාතාවන් 63 ක් සදහා පැල වර්ග ලබා දීමට සැලසුම් කර ඇත.
| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 02 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද සහතිකපත | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 03 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | Formless process | විනාඩි 05කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 05 | Approval to release of compulsory savings | Respective application form | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | Relevant application | විනාඩි 10කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 07 | Issuing of Income certificate | Application with the documents | පැය 01කි | ගණකාධිකාරි |
| 08 | Issuing of assessment certificate | Assets deed with recommendation from GN | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 09 | Issuing of land license after approval | Approved Application | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 10 | Recommendation of miscellaneous subsidies | Prescribe from with recommendation from social services officer | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 | Approval of public donations | Prescribe from with recommendation from social services officer | දින 04කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 12 | Payments of samurdhi grants | Application with written supporting documents | දින 03කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 13 | Subsidies paid by Social Development Fund | Application with recommendation | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 14 | Provision of solutions for electricity objections | Electricity objections summons letter | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 15 | Approval of loans mortgages on land title deed | Land title deed | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 16 | Recommending Electricity Application | Recommended application with deed | පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 17 | Issuing of license to transport animals | Application approved by veterinary surgeon | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 18 | Issuing of timber permit | Recommended Application | දින 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 19 | Issuing of senior citizenship Identity Card | Birth Certificate or Identity card | දින 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 | Transferring of ownership of gift of land | Deed of land and application | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 21 | Naming of succession for gifted land | Common 155 application with recommendation | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 22 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම | Application together with documentary evidence | සති 04 කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 23 | ආපදා ණය ලබාදීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | සති 02 කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්‍රාදේශීය ලේකම් |
| 25 | බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම | බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 26 | මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම | සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව | පැය 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 27 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | දින 03කි | පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
අපගේ අපේක්ෂාව
අප ආයතනය කෙරෙහි ඔබ තබා ඇති විශ්වාසය ගැන ඔබට ස්තුති කරන අතර, අපගේ සේවය සඳහා ඔබ විසින් කරනු ලබන ඉල්ලීම්, යුක්ති සහගත සාධාරණ සහ නියමිත කලට ඉදිරිපත් කිරීමෙන් ද, අංග සම්පුර්ණ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ද අපගෙන් අපේක්ෂා කළහැකි සහ අපේක්ෂා කළ නොහැකි දේ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබීම මගින් ද ඔබට අපට සහයෝගය පළකල හැකි බව දන්වනු කැමැත්තෙමු.
අපගේ ප්රමිතීන්
ඔබගෙන් ලැබෙන සෑම ලිඛිත ඉල්ලීමකටම ක්ෂණික ප්‍රතිචාර අපෙන් ලැබෙනු ඇත. අපේ ප්‍රතිචාරය දින 07 ක් ඇතුලත දී ඔබට ලැබෙනු ඇත.
ඔබේ ඉල්ලීම සමඟ ඉල්ලා ඇති තොරතුරු, ලිඛිත ලියකියවිලි සහ ගාස්තු ඉදිරිපත් කර ඇත්තේ නම්, ඔබ ඉල්ලා ඇති සේවය අප විසින් දැනුම් දී ඇති කාල පරාසය තුළ ඔබට ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.
අවසාන තීරණය ගැනීම ප්‍රමාද විය හැකි හෝ අනිවාර්යයෙන්ම ප්‍රමාද වන අවස්ථාවක දී හෝ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වූ විටක එයට හේතුව අප විසින් ක්ෂණිකව දන්වනු ලැබේ.
පැමිණිලි සහ සහන ලබාදීමේ ක්‍රමවේදය
අප ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් ආචාර සම්පන්නව, අවශ්‍ය උපකාරය හා සේවාවන් ඔබට ලබා දෙනු ලැබේ. ඉහත සඳහන් සේවාලාබී ප්රඥප්තියට අදාල කාලය තුල ඔබට සේවාව නොලැබෙන්නේනම් ඔබට ඇති පැමිණිලි පහත සඳහන් නිලධාරීන් වෙත කරුණාකර ලියාපදිංචි කරන්න.
නම :- ආර්.කේ.එච්.එම්.දිල්හාරී මිය
තනතුර :- සහකාර ප්‍රාදේශීය ලේකම්
පිහිටි ස්ථානය :- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල
දුරකථනය ෆැක්ස් :- 0372253381
ඊ-මේල් :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
නම :- ඩබ්.එම්.එස්.විජේසිංහ මිය
තනතුර :- පරිපාලන නිලධාරී
පිහිටි ස්ථානය :- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල
දුරකථනය ෆැක්ස් :- 0372253381
ඊ-මේල් :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සියළු පැමිණිලි ලද බව දින 03 ක් ඇතුලත දන්වන අතර අවසාන පිළිතුර දින 07 ක් ඇතුළත දන්වනු ලැබේ.
සේවාලාභී මහජන ඔබෙන් ඉදිරිපත් වන යෝජනා අපි සතුටින් භාර ගනිමු.