සිවිල් ලියාපදිංචිය
1. හැඳුනුම්පත් නිකුත් කිරීම.
2.උප්පැන්න, මරණ, විවාහ සහතික පිටපත් නිකුත් කිරීම
3.කල්ගතවූ උපත්(ඉපදී තුන් මසක් ඉකුත් වී) ලියාපදිංච් කිරීම
4. කල්ගතවූ මරණ(මරණය සිදු වී තුන් මසක්ගත වී) ලියාපදිංච් කිරීම
5. උප්පැන්න සහතික වල නමක් ඇතුලත් කීරිම (අවු.21ට අඩු, අවු 21ට වැඩි) /වෙනස් කිරීම(අවු.21ට අඩු, අවු 21ට වැඩි)
6.උප්පැන්න ලේඛනයක විස්තර වෙනස් කිරීම/ඇතුලත් කිරීම/අත්හැරීම (මවගේ තොරතුරු/ පියාගේ තොරතුරු)
7.කාර්යයාල තුළ විවහ ලියාපදිංචි කිරීම
ජාතික හැදුනුම් පත් නිකුත් කිරිම
1.හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා අදාල ඉල්ලුම් පත්‍රය (නව හැඳුනුම්පත - පු. ලි.දෙ.වි. 1, අනු පිටපතක් ලබා ගැනීම - පු.ලි.දෙ.වි. 7, හැඳුනුම්පත සංශෝධනය - පු.ලි.දෙ.වි. 8 )
2. වයස අවු. 50ට අඩු අයදුම්කරුවන් සදහා උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්
3. වයස අවු. 50ට වැඩිනම් උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති නම් ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන හා විකල්ප ලේඛන ( පාසල් හැරයාමේ සහතිකය, බෞතිස්ම සහතිකය, අයදුම්කරුගේ උපන් දිනය සඳහන් දරුවෙකුගේ උප්පැන්න සහතිකය, උප්පැන්න සහතිකයේ උපුටාගත් සටහන, වතු හැරයාමේ සහතකය, විදේශ ගමන් බලපත්‍රයේ අදාල පිටුවල සහතික කළ පිටපත්, වතු අධිකාරි විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත, ජන්ම පත්‍රය ) හැකි පමණ
4. විදේශයකදි උපත ලද්දකු නම් පුරවැසි සහතික
5. වර්ණ ඡායාරූප 6 (13/8 ” * 7/8 ”)
6.මුල්වරට හැඳුනුම්පතක් අයදුම් කරන්නේනම් අයදුම්කරුගේ මව/ පියා/භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කළ ඡායා පිටපත
7. ස්වාමි පුරුෂයාගේ නම ලබා ගැනීම සදහා විවාහ සහතිකය
8.බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
9.බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක්ව සිට උපැවිදිව ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය
10.හැඳුනුම්පතට රාජකාරි තනතුර ඇතුළත් කළයුතු නම් මාස 03 කාලයක් ඇතුළත ලබාගත් සේවා සහතිකයක්
11.නැති වූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත
12.සශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත
13. මුද්දර, අවු. 16-17 රු. 3/=, අවු. 17ට වැඩි රු. 13/= සංශෝධන හා නැති වූ රු. 15/=
14.විධිමත් දිවුරුම් ප්‍රකාශය මුද්දර සහිතව (අවශ්‍ය වන්නේ නම්)
උප්පැන්න සහතිකයක නමක් ඇතුලත් කිරිම හා වෙනස් කිරිම
අවු 7 ට වැඩි අය සඳහා
1.ශිෂ්‍ය කාර්ය දර්ශකය
2.පුවත් පත් දැන්වීම - බැංකු පොත
3.ජාතික/තැපැල් හැදුනුම් පත - විවහ සහතිකය
4.රජයේ හෝ වෙනත් ආයතනයකින් ලබා ගන්නා ලද විස්තර වාර්තාව
5.ඡන්ද නාම ලේඛනයේ සහතික කල පිටපතක්
ඉහත ලියවලි වලින් අවම වශයෙන් තුනක් වත් ඉදිරිපත් කල යුතුය
ඊට අමතරව
1.අදාල ඉල්ලුම් පත්‍රය
2.සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
3. නම් දෙකින්ම හැදින්වෙන්නේ එකම පුද්ගලයකු බවට අදාල ප්‍රාදේශීය ලේකම් අනු අත්සන සහිත ග්‍රාම නිළධාරී ලිපිය.
සැ.යු
නම වෙනස් කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 21ට අඩු කෙනෙකුගෙ නම් එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ එම අයගේ මව/පියා/භාරකරු විසින්ය.
අළුත් නම අවම වශයෙන් වර්ෂයක් වත් භාවිතා කර තිබීම අන්වාර්ය වේ.
අවු 7ට අඩු දරුවකුගේ
1.සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයක මුල් පිටපත
2.දෙමව්පියන්ගේ විවහ සහතිකය
3. මව / පියාගේ ජාතික හැදුනුම්පත
4. අදාල සංශෝධනයට මව හා පියාගේ විරෝධතාවයක් නොමැති බවට දිව්රුම් ප්‍රකාශය.
මෙම ප්‍රකාශ පත්‍රය භාරදිය යුත්තේ දරුවාගේ මව/පියා/භාරකරු විසින්ය.
කල් ගතවු උපතක් ලියාපදිංචිය
1. උපත් විස්තරය(මුල් පිටපත)
2.අත් එන්නත් කාඩ් පතේ ඡායා පිටපත
3.දෙමව්පියන් විවාහකනම් විවාහ සහතිකයේ මුල්පිටපත
4.දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්
5.මව හා පියාගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
6. උපත සිදු වී අවු 1ට අඩු නම් රු50 ක මුද්දර
7.අවු 1ට වැඩි නම් රු100ක මුද්දර
ඉහත ලියවිලි රැගෙන මව පියා දරුවා සමඟ දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණික වන්න
කල් ගතවු මරණයක් ලියාපදිංචි කිරිම
1. රෝහලක මිය ගියේ නම් රෝහලේ මරණ ප්‍රකාශයේ මුල් පිටපත.
2. ග්‍රාම නිලධාරී සහතිකය
3.ශෝක ප්‍රකාශ/මරණ දැන්වීම් වැනි දෑ
4.මිනිපෙට්ටිය ගත් රිසිට් පත
5.ආගමික වතාවත් කල විහාරාධිපති හිමිගේ/දේවගැතිතුමාගේ ලිපිය
6.මරණය සිදු වී අවු1ට අඩු නම් රු 50 මුද්දර / අවු 1ට වැඩි නම් රු 100 මුද්දර
7. ප්‍රකාශකගේ උප්පැන්න සහතිකය / විවාහ සහතික හා ජාතික හැදුනුම්පත් පිටපත
ඉහත ලියවිලි රැගෙන සදුදා හෝ බදාදා දිනෙක දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණික වන්න











