වර්ෂ 2017 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 02කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 2609 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 261ක් දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

ඒ අනුව අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 895588.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන් 05ක්ද,ධීවර වැඩසටහන් 01ක්,සත්ව පාලන වැඩසටහන් 06ක්,කර්මාන්ත වැඩසටහන් 16ක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සමෘද්ධි  ප්‍රතිලාභීන් පවුල් පවුල් 01ක් සදහා ජංගම කරත්ත 01ක් ලබා දීමට නියමිතය. මීට අමතරව සිල්ලර වෙළදාම ,ජංගම වෙළදාම සහ බිම්මල් වගාව සධහා ගෘහස්ථ ගබඩා 03 ක්ලබා දිමට අලෙවි වැඩ සටහන් යටතේ ප්‍රතිලාභින් 13 කට 181000.00 ක් මුදලක් වෙන් කර ඇත.

එමෙන්ම  සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් සංවිධානය කර ඇත.මීට අමතරව සමාජ  සංවර්ධන වැඩ සටහන් යටතේ කොඩි අරමුදල් වලින් වසම් මට්ටමින් විවිධ වැඩ සටහන් පැවැැත්විමට යෝජනා ලැබි ඇත.එමෙන්ම දිරිය පියස නිවාස වැඩ සටහන් යටතේ නිවාස 02 ක් ඉදිකිරිමට රු.300000.00 ක මුදලක් ලැබි ඇති අතර හරිත දයාද වැඩ සටහන යටතේ ගර්භණි මාතාවන් 63 ක් සදහා පැල වර්ග ලබා දීමට සැලසුම් කර ඇත.

පුවත් සහ සිදුවීම්

25
ජූනි2026
සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම

සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම

සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම -2026 සමෘද්ධි බැංකු...

29
මැයි2026
Dhamma sermon program held in conjunction with Vesak week

Dhamma sermon program held in conjunction with Vesak week

ධර්ම දේශනා වැඩසටහන ධර්ම දේශනා වැඩසටහන  ...

Scroll To Top