අපගේ දැක්ම
නවීන තාක්ෂණයෙන් ජනතා කේන්ද්‍රීය විශිෂ්ට සේවාවක්.අපගේ මෙහෙවර
තාක්ෂණයෙන් හා විනිවිදභාවයෙන් යුත් පරිපාලන යාන්ත්‍රණයක් තුළින් දූෂණයෙන් තොර සහ මානුෂීය ගුණාංග වලින් හෙබි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හරහා සෑම පුරවැසියෙකුටම යුක්තිගරුක හා ගෞරවනීය ජීවිතයක් තහවුරු කිරීම.අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව මැතිවරණ කොට්ඨාසයේ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ස්ථාපිත වි ඇත. උතුරින් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, දකුණින් මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, නැගෙනහිරින් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, බටහිරින් කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, මායිම්ව පිහිටා ඇත. මෙහි භූමි ප්‍රයමාණය වර්ග කිලෝ මිටර් 136.93 වේ. ගන්තිහ කෝරළයේ ග්‍රාම නිළධාරි වසම් 28 කින් සමන්විත බල ප්‍රදේශයක් පුරා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසිර පවති.
කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා දිවෙන ඒ ශ්‍රේණියේ ප්‍රධාන මාර්ගයත්,අඹන්පොල සිට නිකවැරටිය දක්වා දිවෙන මාර්ගයත්, අඹන්පොල සිට ඇහැටුවැව දක්වා දිවෙන මාර්ගයත් අඹන්පොල නගරය හරහා වැටි ඇත. කොළඹ කොටුව කන්කසන්තුරේ දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද අඹන්පොල දුම්රිය ස්ථානයද මෙම කොට්ඨාසයේ පිහිටා ඇත. කෙකටිය ඇළ අඹන්පොල නගරයට ආසන්නව ගමන් කර ඉගිනිමිටිය ජලාශයට ගලා බසි. අඹකොලවැව හා මැඩියාව යන මහා වාරි 2 ක් හා සුළු වාරි රාශියක් ද අමුණු රැසක්ද ඇත.වියළි කලාපයට අයත් කටු පදුරු සහිත ළදු කැළැ කොට්ඨාසය පුරා දක්නට ඇත. උතුරු හා නැගෙනහිර මායිමෙන් මී ඹය ගලා බසි.
මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පරිපාලන රාජකාරි ආවරණය වු මෙම ප්‍රදේශය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස 1988 වර්ෂයේදි මහව ප්‍රාදේශීය සභාවේ අඹන්පොල ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස කටයුතු ආරම්භ කරන ලද අතර අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පිහිටි නව ස්ථිර දෙමහල් ගොඩනැගිල්ල වෙත 2000.08.06 වන දින ප්‍රවිෂ්ඨ විය. දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් එකක් වන මෙහි ජනගහනය 27316 ක් වන අතර ගම් 122 කින් සමන් විත වේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඩ තැනිතලා කලාපයට අයත් වේ. පස පිළිබද සලකා බලන විට පෙනි යන්නේ බයෝටයින් නයිස් හා ග්‍රැනයිට් යන අවසාධිත පාෂාණයන් බහුලව දක්නට ඇති බවයි. කොට්ඨාසයේ ඓතිහාසික වැදගත්කම පිළිබද සලකා බැලිමේදි පුරාණ රජමහා විහාර හා පිල්ල නටඹුන් සුවිශේෂි ස්ථානයක් ගනු ලැබේ. සදුන්ගිරි රජමහා විහාරය හා ගනේගම පුරාණ රජමහා විහාරය හා ගවරතිස්සාරාම විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් කමක් ඇති ස්ථාන වේ.
වියළි කලාපිය දේශගුණයක් සහිත මෙම කොට්ඨාසයට වර්ෂාව ලැබෙනුයේ මෝසම් හා සංවහන වර්ෂා මගිනි. ඊසාන දිග මෝසම් වර්ෂාව මගින් සැප්තැම්බර් මස සිට පෙබරවාරි දක්වා වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර, සංවහන වර්ෂාව මාර්තු අප්‍රේල් මාස වලදි ලැබේ.
1997 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ඊ.එම්.ඩි.එම්.ඒකනායක මයා | 1997 | 1998 |
| ආර්.එම්.බණ්ඩාර රාජපක්ෂ මයා (වැඩබලන) | 1998 | 1999 |
| ඒ.එච්.එස්.විජේසිංහ මයා | 1999 | 2001 |
| යු.ඒ.චන්ද්‍රා ගුණරත්න මිය | 2002 | 2012 |
| ඩබ්.එස්.සේනාතිස්ස මයා | 2012 | 2017 |
|
එච්.එම්.සී.ජේ.හේරත් මෙය කේ.ඩී.ඒ.කැරැව්ගොඩ මිය |
2017 2026 |
2025 මේ දක්වා |











