වියලි ආහාර ලබාදිම
රොලව විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් අඹන්පොල ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්විමෙන් අඹන්පොල පොලිස් ස්ථානාධිපතිගේ සහභාගිත්වයෙන් එම වසමේ ග්‍රාම නිලධාරිගේ සංවිධානත්වයෙන් හා ධානපතින්ගේ සහයෝගයෙන් 193 රොලව ග්‍රාම නිලධාරි වසමේ අඩු ආදායම්ලාභින් පවුල් සදහා වියලි ආහාර ලබාදිම.
අඹන්පොල ප්‍රාදේශිය ලේකම්තුමියගේ මුලිකත්වයෙන් හා අඹන්පොල පොලිස් ස්ථානාධිපතිගේ සහභාගිත්වයෙන් ප්‍රදේශයේ ධානපතින්ගේ සහයෝගයෙන් 182 කාසිකොටේ නැගෙනනහිර ග්‍රාම නිලධාරි වසමේ හා 190 අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරි වසමේ අඩු ආදායම්ලාභින් පවුල් සදහා වියලි ආහාර ලබාදිම.
සමෘද්ධි සහනාධාර ලබාදිම

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ ප්‍රධාන විගණන නිලධාරි විසින් සමෘද්ධි සහනාධාර ලබාදිම පිලිබද සමෘද්ධි නිලධාරින් දැනුවත් කිරිම. ඒ අනුව අඹන්පොල දකුණ වසමේ සමෘද්ධි ලාභින්ගේ නිවස වෙතම ගොස් සමෘද්ධි සහනාධාර ලබාදෙන ලදි.
කොරෝනා මර්ධනය
ප්‍රාදේශිය ලේකම්, සහකාර පොලිස් අධිකාරි, සහකාර අධ්යක්ෂ, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, මහජන පරික්ෂක, ගොවිජන සේවා නිලධාරි, ප්‍රාදේශිය සභාව නිලධාරි, ආපදා සහන සේවා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කොරෝනා මර්ධනය පිළිබද ඉදිරි සැලැස්ම සාකච්ජාවක් 2020.03.31 අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්විනි.











